Saturday, August 8, 2009

දැනුවත් කිරීම්

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ මා ඔය මුහුදට වැටෙන මෝය (කම්මල් මෝය) ආශි්‍රත ප්‍රදේශයක් වන මෝය හා ඉවුරු ආශ්‍රිත ග්‍රාමයන්හි නිවැසි, සැමගේ ජීවිතවලට එල්ල වී ඇති මරු පහරක් බඳු, වැලිගොඩදැමීම ප්‍රදේශයේ දැනට මතු වී ඇති හා ඉදිරි කාලයේදී මතු විය හැකි තත්වයන් පිලිබඳ දැනුවත් කර ඒ සඳහා සැමගේ අවධානය යොමු කර ගැනීමයි.

අප ගම් ප්‍රදේශයන්හි එමෙන්ම එයට තදාසන්නව පිහිටා ඇති මා ඔය මුහුදට වැටෙන මෝය පිහිටි කම්මල්තොට ප්‍රදේශයන්ද දැනටමත් මෙම අනීතික ජාවාරම නිසා සුවිශල් ගැට`එ රාශියක් පැන නැඟී ඇති අතර ඒ පිලිබඳව විස්තර සැකෙවින් පහත දක්වා ඇත.

01.මා ඔය ආශි්‍රත කම්මල්තොට හා මලයන්දළුව යන ප්‍රදේශ පැහැදිලිවම වෙරළ සංරක්ෂණ කලාපයට (මෝයේ සිට ඔය දෙසට කිලෝ මීටර් 02 ක කලාපය) අයත් නිසාද මෙම ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමක් කීරීම තහනම් වේ. 2004 වසරේ පැවති නඩු තීන්දුවෙන් පසුවද මෙහි වැලි ගොඩ දැමීම සඳහා යම් යම් තහංචි පනවා තිියදීත් මෙම වැලි ගොඩ දමන්නන් කිසිදු බාධාවකින් තොරව අඛන්ඩවම මෙම කාර්්‍යයේ නියැලේ.

02..එමෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ පූර්ණ අනුග්‍රහය ලබමින්ද එමෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ හා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහයත් ලබමින් මහා පරිමානයෙන්ම වැලිගොඩ දමන පිරිස් මෙම කාර්්‍යය තුල නිරත වේ.

03..මා ඔය ඉවුරු අයත් වන වෙන්නප්පුව හා කොච්චිකඩේ පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් මේ පිලිබඳව යම් ආකාරයක මැදිහත්වීමක් සිදු කලත් විනාශයේ තරමට එම මැදිහත්වීම ප්‍රමානවත් නොවන අතරම විශේෂයෙන්ම කොච්චිකඩේ පොලිස් ස්ථානයේ බහුතර පොලිස් නිලධාරීන් වැලි ජාවාරම්කරුවන් සමඟ සමිප සබ`දතා පවත්නා බැවින් මෙම තත්වය පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්්‍යයක් වී ඇත.

04..එලෙසම අනීතිකව සිදුවන වැලි ගොඩ දැමීම නිසා මා ඔය ඉවුරු සු`එ වර්ෂා අවසථාවකදී හෝ ඛාදනයට ලක් වී ඉවුරු ආශි්‍රතව ඇති නිවාස පිහිටි ඉඩම් ද මා ඔයටම බිලි වීමේ දැඩි අවදානම් සහගත තත්වයක් පවතී. එසේ වුවහොත් ඒ ආශි්‍රත වෙසෙන සිය ගනනක් වන ජනයාගේ ජීවිත කෙරෙහිද එය ඉතා අහිතකර අන්දමින් බලපානු ඇත. එවන් තත්වයක් මතු වුව හොත් පසුගිය වර්ෂා කාලයේ රත්නපුර හා කළුතර ප්‍රදේශ වලට ඇති වූ තත්වයම මේ ප්‍රදේශ වලටද සිදු වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.

05..මා ඔය මුහුදට ගලා බසින කම්මල් මෝය ආශි්‍රතව සිදු වන වැලි ගොඩ දැමීම නිසා මු`එ මීගමුව ප්‍රදේශයට හා කටුනායක ප්‍රදේශයේ හරි අඩකටම පානීය ජලය සපයන බම්බුකුලිය ජල පවිත්‍රාගාරය වෙත ලවන මිශි්‍රත කරදිය ගලා ගියහොත් පානීය ජලයට ලවන මිශ්‍ර වීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. එය මීගමුව හා කටුනායක ප්‍රදේශවල ජනතාවගේ යහපත් සෞඛ්‍යයට එල්ල වන දැඩි බලපෑමකි. 06..මෙම අනවසර වැලි ගොඩ දැමීම කොච්චිකඩේ මහා පාලමේ පැවැත්මටත් , දුමිරිය පාලමේ පැවැත්මටත් ඉතාම නුදුරේදී විශාල බලපෑමක් එල්ල විය හැකිය.

06..අනවසර ලෙස සිදු වන මෙම කි්‍රයාවලිය නිසා මා ඔය ඉවුරු ඛාදනය වීමෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ගම්මුන්ගේ ඔරු හා කුඩා බෝට්ටු නවතා තැබීම ස`දහා නැන්ගුරම් පොලවල් නොමැතිව යාමෙන් එම ධීවරයන්ගේ පාරම්පරික රැකියා අහිමි වී යාමේ ප්‍රවනතාවක්ද මෙම ගම්මාන තුල මේ වන විට ඇති වී තිඛෙනු දක්නට ඇත.

07..එලෙසම මෙහි වඩා ඛේදනීය තත්වය වන්නේ මා ඔය ආශි්‍රතව අනීතික ලෙස වැලි ගොඩ දමන්නන් විසින් වැලි ගැනීම පිනිස හාරන ලද විශාල ප්‍රමානයේ වලවල් වල ඇද වැටී අහිංසක මිනිිසුන් මිය යෑමයි.

පසුගිය 2007 වසරේ මැයි මස 13 වැනි දා කම්මල් මෝය ආශි්‍රතව සොබා සිරි නැරඹීමටත්, දිය නෑම පිනිසත් නිතර එම මෝය ප්‍රදේශයට යනෙන කොච්චිකඩේ, පල්ලන්සේන ප්‍රදේශයේ ජීවත් වූ 13 හැවරිදි ජුඩ්ත් ටානියා ශිෂ්‍යාවත්, ගනේමුල්ල, බොල්ලන පදිංචිව හුන් 24 හැවරිදි සංගීත ගුරුවරියක් වූ දිල්හාරී මේරියන් නැමැති තරුණියවත් වැලි ගොඩ දමන්නන් හැරූ ජලය පිරී තිබූ වලකට ඇද වැටී අකාලයේ මිය ගොස් වසරකට වැඩි කාලයක් ඉකුත්ව ගියද මේ සඳහා වගකිව යුතු පිරිස් තවමත් අඛන්ඩවම මෙම කාර්්‍යය තුල නියැලේ .

තවත් මෙවැනි වලවල් රාශියක්ම අද වන විට මෙම මෝය ප්‍රදේශයේ හා මා ඔය ඉවුරු ආශි්‍රතව දැක ගැනීමට හැකි බව අප ගම් වැසි ජනතාව පවසයි.

ඉහතින් සංෂිප්තව දක්වාලු සියළු කරුනු කාරණා දෙස ඔබ සැමගේ කාරුනික අවධානය යොමු කරමින් ,
මා ඔය හා එම මෝය ආශි්‍රතව පිහිටි මලයන්දඑව සහ කම්මල්තොට අප ගම්මානත් , ඒවා පිහිටි ස්වභාවික පරිසරයන් ද ආරක්ෂා කර දීමටත් ඒවා අප මතු පරපුර වෙත උරුම කරදීමටත් මැදිහත්වන ලෙස ඉතා බැගෑපත්ව ඔබ සැම පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටිමු .